AFC Banner
Empty Ad
Empty Ad

බූස්සේ ජේලර්ගේ තොප්පිය අස්සේ චාජරයක් සහ ඩේටා කේබලයක් (ඡායාරූප)

නිල ඇඳුමේ සඟවා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළට දුරකථන චාජරයක් සහ ඩේටා කේබලයක් රැගෙන යාමට උත්සාහ කළ බන්ධනාගාර නියාමකවරයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සෝදිසි ස්ථානයේ දී මෙම නියාමකවරයා ඊයේ (07) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම බන්ධනාගාර නියාමකවරයාගේ රාජකාරී හිස් වැස්ම පරීක්ෂා කිරීමේ දී මෙම චාජරය සහ ඩේටා කේබල සිය ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකිව තිබෙනවා.

එහිදී අත්අඩංගුවට නියාමකවරයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?