“බුල්ලා” ගේ ගෝලයින් දෙදෙනෙක් රිමාන්ඩ්

ඩුබායිරාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවරම් කරන බව කියන බුල්ලා නැමැති අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ දී ඉතා කෙටි කාලයක් තුළ එම ගිණුම්වල රුපියල් කෝටි 20කට අධික මුදලක් සංසරණය වී තිබෙන බවටයි පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතරින් එක් අයෙකු මහනුවර ප්‍රදේශයේ හෝටල් හිමියෙකු බවත් අනෙක් පුද්ගලයා සංචාරක ක්ෂේත්‍රයට අදාළව සුඛෝපභෝගී වාහන සපයන්නෙකු ලෙසට පෙනී සිටින බව සඳහන්.

කටුගස්තොට පොලිසිය මගින් කළුගලවත්ත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු සතුව තිබී බැංකු ගිණුමකට මුදල් තැන්පත් කළ රිසිට් පතක් පොලිසියට හමුවී තිබුණා.

ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකුගේ ගිණුමට අදාළ මුදල් බැරකර මත්කුඩු ලබාගත් බවයි.

අදාළ ගිණුම සම්බන්ධයෙන් දිගින් දිගටම පොලිසිය සිදුකළ පරීක්ෂා කිරීමේ දී එම ගිණුමට රුපියල් ලක්ෂ ගණනින් මුදල් බැර වන බවට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමේ දී අදාළ ගිණුම හිමි පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බව කියන තවත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් අවධානය යොමු වුණා.

එම පුද්ගලයින් දෙදෙනා සතුව බැංකු ගිණුම් 10ක් තිබෙන බවත් ඩුබාහි සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයාගේ ගිණුමට මුදල් යැවූ පසු ඔහු මෙම පුද්ගලයින් දෙදෙනාට මත්ද්‍රව්‍ය ලබා දී ඔවුන් මගින් දිවයිනේ විවිධ ස්ථානවලට ඒවා බෙදාහැර තිබෙන බවටයි පොලිස් පරීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා තම ගෝලයින් මගින් ඇනවුම් ලබාගෙන ගිණුම්වලට මුදල් බැර වූ පසු විවිධ ස්ථානවල ඉතා රහසිගතව මත්කුඩු පාර්සල් තබා ගැනුම් කරුවන් අතට ඒවා පත්කර තිබෙන බව පොලිසිය ප්‍රකාශ කළා.

පසුගිය 26 වනදා මහනුවර අනිවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සතුව නීති විරෝධී ලෙස උපයා ගත් වත්කම් රැසක් තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇතැයි සඳහන්.

රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මත්ද්‍රව්‍ය ආඥා පනත, මුදල් විශුද්ධිකරණ පනත හා අන්තරායකර ඖෂධ පනත යටතේ සැකකරුවන් අද මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී නියෝග කෙරුණේ ඔවුන් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මහනුවර අනිවත්ත පදිංචි 38 හැවිදිරි අයෙක් සහ 40 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53