බුම්රා සමඟ කොන්ස්ටාස් පැටලුනු වරදට කවාජා වන්දි ගෙවයි (වීඩියෝ)

බොනර් ගවස්කාර් කුසලානය වෙනුවෙන් ආරම්භක පිතිකරුවක් ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමට කැඳවූ යොවුන් ක්‍රීඩක සෑම් කොන්ස්ටාස් පිළිබඳව වැඩි අවදානයක් පළමු තරගයේ දීම යොමු වුණා.

ඒ, මේ වනවිට ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස කිරුළු දරා සිටින ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට ඔහු එල්ල කළ දැඩි ප්‍රහායත් සමඟයි.

එම තරගයේ සිට ජස්ප්‍රිත් බුම්රා සහ 19 හැවිරිදි ක්‍රීඩක සෑම් කොන්ස්ටාස් අතර සීතල යුද්ධයක් තරගාවලිය පුරාම පැවතියා.

එම සීතල යුද්ධය උණුසුම් වූ අවස්ථාවක් අද (03) ආරම්භ වූ දෙරට අතර පස්වන සහ අවසන් ටෙස්ට් තරගයේ දිනය අවසානයේ දැකගත හැකි වුණා.

තරගයේ පළමු දිනය වූ අද දිනයේ අවසන් පන්දුව යැවීමට පෙර දෙදෙනා අතර යම් උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර, එය සමථයකට පත් කරන්නට ප්‍රධාන විනිසුරුවරයා කටයුතු කළා.

කෙසේ වෙතත් දෙදෙනා අතර සිදු වූ වචන හුවමාරුවෙන් පසු එහි වාඩුව ගෙවීමට සිදු වුණේ අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි උස්මාන් කවාජාටයි.

ඒ, තරගයේ පළමු දිනය වූ අද දිනයේ යැවූ අවසන් පන්දුවේ දී උස්මාන් කවාජා දවාගැනීමට බුම්රාට හැකිවීමත් සමඟයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
7
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08