AFC Banner
AFC Banner
Empty Ad

බුම්රා සමඟ කොන්ස්ටාස් පැටලුනු වරදට කවාජා වන්දි ගෙවයි (වීඩියෝ)

බොනර් ගවස්කාර් කුසලානය වෙනුවෙන් ආරම්භක පිතිකරුවක් ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමට කැඳවූ යොවුන් ක්‍රීඩක සෑම් කොන්ස්ටාස් පිළිබඳව වැඩි අවදානයක් පළමු තරගයේ දීම යොමු වුණා.

ඒ, මේ වනවිට ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස කිරුළු දරා සිටින ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට ඔහු එල්ල කළ දැඩි ප්‍රහායත් සමඟයි.

එම තරගයේ සිට ජස්ප්‍රිත් බුම්රා සහ 19 හැවිරිදි ක්‍රීඩක සෑම් කොන්ස්ටාස් අතර සීතල යුද්ධයක් තරගාවලිය පුරාම පැවතියා.

එම සීතල යුද්ධය උණුසුම් වූ අවස්ථාවක් අද (03) ආරම්භ වූ දෙරට අතර පස්වන සහ අවසන් ටෙස්ට් තරගයේ දිනය අවසානයේ දැකගත හැකි වුණා.

තරගයේ පළමු දිනය වූ අද දිනයේ අවසන් පන්දුව යැවීමට පෙර දෙදෙනා අතර යම් උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර, එය සමථයකට පත් කරන්නට ප්‍රධාන විනිසුරුවරයා කටයුතු කළා.

කෙසේ වෙතත් දෙදෙනා අතර සිදු වූ වචන හුවමාරුවෙන් පසු එහි වාඩුව ගෙවීමට සිදු වුණේ අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි උස්මාන් කවාජාටයි.

ඒ, තරගයේ පළමු දිනය වූ අද දිනයේ යැවූ අවසන් පන්දුවේ දී උස්මාන් කවාජා දවාගැනීමට බුම්රාට හැකිවීමත් සමඟයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
7
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?