AFC Banner
Empty Ad
Empty Ad

බුදු දහම හා බැඳුණු සංස්කෘතිකාංග හුවමාරුවට වියට්නාම් දූත පිරිසක් මෙරටට

වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරිහු පිරිසක් අතර හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (11) පැවැත්වී තිබෙනවා.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහාත්, බුදු දහම හා බැඳුණු සංස්කෘතිකාංග හුවමාරුව සඳහාත් මෙම දූත පිරිස ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී දළඳා මාලිගාව,ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ මහියංගනය යනාදී බෞද්ධ කේන්ද්‍රස්ථාන වැඳපුදා ගැනීම සහ අති පූජ්‍ය භික්ෂූන් වහන්සේලා බැහැදැකීමටත් මෙම දූත පිරිසෙහි අරමුණ වි තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?