AFC Banner
Empty Ad
Empty Ad

බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා ප්‍රසිද්ධියේම විනාශ කළ පුද්ගලයාට වැඩ වරදියි

පුද්ගලයෙක් විසින් බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා පොළවේ ගසා විනාශකරමින් ආගම්වලට නිඟාගෙනෙන අයුරින් කටයුතු කරන පුද්ගලයෙක් පිළිබඳව පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ඊයේ (15) අඹන්පොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ගල්ගමුව, අඹන්පොළ, සමගි මාවත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණක් බවයි වාර්තා වන්නේ.

සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ තමන් මීට පෙර දේවාලයක්
පවත්වා ගෙන ගිය අයකු බවත්, තමන් වසර ගණනාවක සිට ඉතා භක්තියෙන් දෙවියන් යැදීම සිදුකළ බවයි.

ඉන් තමාට පිහිටක් හෝ සරණක් නොලැබුණු බවත් මේ හේතුවෙන් මෙලෙස දේව ප්‍රතිමා සහ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
15
+1
76
+1
6
+1
11
+1
10
+1
11
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?