බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා ප්‍රසිද්ධියේම විනාශ කළ පුද්ගලයාට වැඩ වරදියි

පුද්ගලයෙක් විසින් බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා පොළවේ ගසා විනාශකරමින් ආගම්වලට නිඟාගෙනෙන අයුරින් කටයුතු කරන පුද්ගලයෙක් පිළිබඳව පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ඊයේ (15) අඹන්පොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ගල්ගමුව, අඹන්පොළ, සමගි මාවත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණක් බවයි වාර්තා වන්නේ.

සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ තමන් මීට පෙර දේවාලයක්
පවත්වා ගෙන ගිය අයකු බවත්, තමන් වසර ගණනාවක සිට ඉතා භක්තියෙන් දෙවියන් යැදීම සිදුකළ බවයි.

ඉන් තමාට පිහිටක් හෝ සරණක් නොලැබුණු බවත් මේ හේතුවෙන් මෙලෙස දේව ප්‍රතිමා සහ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11