AFC Banner
Empty Ad
Empty Ad

බුත්තල එස්.අයි.නිවසේ ළිඳට කැමරාවක්

ට්‍රැවලින් බෑගයකින් හමුවූ තරුණියගේ මළ සිරුරේ හිස කොටස සොයා අද දෙවන දිනටත් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.මෙහිදි දිවි නසා ගත් උපපොලිස් පරීක්ෂකවරයාගේ බඩල්කුඹුර ප්‍රදේශයේ පිහිටි නිවස සහ කැළණි ගඟ ආශ්‍රිතවයි

උප පොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණෙන විට රැගෙන ආ ගමන් මල්ල තවමත් අතුරුදන්වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු වෙමින් පවති. සැකකාර දිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා සහ ඝාතනයට ලක්වූ තරුණිය හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන තිබූ බවට අනාවරණ වූ අතර ඇය එහිදී ඝාතනය වන්නට ඇති බවටයි මේ වනවිට තොරතුරු ලැබී ඇත්තේ.

තවමත් මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා නැහැ. අදාළ ලැගුම්හලින් ඝාතකයා පිටව යන අවස්ථාවේ අතේ රැගෙන යන ගමන් බෑගය සහ පිටේ එල්ලාගෙන යනු ලබන බෑගයක් ද පැවති ආකාරය විවිධ ස්ථානවලදී ලබා ගත් සී.සී.ටී.වී දර්ශන මගින් තහවුරු වුණා.

ලැගුම්හලට පැමිණ ඝාතනයට ලක්වූ කාන්තාව සතුව පැවති තවත් බෑගයක් තවමත් අතුරුදන්ව පවතින අතර ඝාතනය කළ තරුණියගේ හිස එම බෑගය තුල බහා ලැගුම්හල ආසන්නයෙන් ගලා බසින කැළණි ගඟට විසිකර ඇති බවට මතු වූ සැකය මත කැළණි ගං ඉවුර දෙපස ඊයේ මෙන්ම අද දිනයේදීත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.

ඔහු කාන්තා මළ සිරුර සහිත බෑගය වේල්ල වීදියේ දමා පස්වරු 4.10 ට පමණ මොනරාගල – කොළඹ බස් රථයකට ගොඩවනවා. මෙම ඝාතකයා කරේ එල්ලා ගත් බෑගයක් රැගෙනවිත් ඇති බවට අනාවරණ වී ඇති කරුණු අනුව ඝාතනයට ලක්වූ තරුණියගේ හිස එම බෑගයේ දමාගෙන පැමිණ ඇති බවට ද සැක කෙරෙනවා.

එම සැකය මත ඝාතකයාගේ නිවස හා ඒ අවට විශේෂ සෝදිසියක් අද ක්‍රියාත්මක කෙරුණා. ඔහු බුත්තල සිට මිතුරෙකු සමඟ යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති බවට ද වාර්තා වනවා. එම සෝදිසිය අතරතුර සැකකරු නිවසට පැමිණි අවස්ථාවේ ඇද සිටි බවට සැලකෙන කමිසයක් නිවස පිටුපස පුළුස්සා දමා තිබියදී පොලීසිය සොයා ගත්තා. එම කමිසය සිය පියාගේ බවට ඔහුගේ දියණිය විසින් හඳුනා ගෙන තිබෙනවා. ඝාතකයාගේ නිවස ආසන්නයේ පිහිටි ළිඳේ ජලය ඉවත් කර එය තවදුරටත් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටයි පොලීසිය සූදානම් වනවා. විශේෂ කැමරාවක් ළිඳ තුලට යොමුකර හිස කොටස එහි තිබේදැයි පරීක්ෂා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?