බුත්තල එස්.අයි.නිවසේ ළිඳට කැමරාවක්

ට්‍රැවලින් බෑගයකින් හමුවූ තරුණියගේ මළ සිරුරේ හිස කොටස සොයා අද දෙවන දිනටත් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.මෙහිදි දිවි නසා ගත් උපපොලිස් පරීක්ෂකවරයාගේ බඩල්කුඹුර ප්‍රදේශයේ පිහිටි නිවස සහ කැළණි ගඟ ආශ්‍රිතවයි

උප පොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණෙන විට රැගෙන ආ ගමන් මල්ල තවමත් අතුරුදන්වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු වෙමින් පවති. සැකකාර දිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා සහ ඝාතනයට ලක්වූ තරුණිය හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන තිබූ බවට අනාවරණ වූ අතර ඇය එහිදී ඝාතනය වන්නට ඇති බවටයි මේ වනවිට තොරතුරු ලැබී ඇත්තේ.

තවමත් මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා නැහැ. අදාළ ලැගුම්හලින් ඝාතකයා පිටව යන අවස්ථාවේ අතේ රැගෙන යන ගමන් බෑගය සහ පිටේ එල්ලාගෙන යනු ලබන බෑගයක් ද පැවති ආකාරය විවිධ ස්ථානවලදී ලබා ගත් සී.සී.ටී.වී දර්ශන මගින් තහවුරු වුණා.

ලැගුම්හලට පැමිණ ඝාතනයට ලක්වූ කාන්තාව සතුව පැවති තවත් බෑගයක් තවමත් අතුරුදන්ව පවතින අතර ඝාතනය කළ තරුණියගේ හිස එම බෑගය තුල බහා ලැගුම්හල ආසන්නයෙන් ගලා බසින කැළණි ගඟට විසිකර ඇති බවට මතු වූ සැකය මත කැළණි ගං ඉවුර දෙපස ඊයේ මෙන්ම අද දිනයේදීත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.

ඔහු කාන්තා මළ සිරුර සහිත බෑගය වේල්ල වීදියේ දමා පස්වරු 4.10 ට පමණ මොනරාගල – කොළඹ බස් රථයකට ගොඩවනවා. මෙම ඝාතකයා කරේ එල්ලා ගත් බෑගයක් රැගෙනවිත් ඇති බවට අනාවරණ වී ඇති කරුණු අනුව ඝාතනයට ලක්වූ තරුණියගේ හිස එම බෑගයේ දමාගෙන පැමිණ ඇති බවට ද සැක කෙරෙනවා.

එම සැකය මත ඝාතකයාගේ නිවස හා ඒ අවට විශේෂ සෝදිසියක් අද ක්‍රියාත්මක කෙරුණා. ඔහු බුත්තල සිට මිතුරෙකු සමඟ යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති බවට ද වාර්තා වනවා. එම සෝදිසිය අතරතුර සැකකරු නිවසට පැමිණි අවස්ථාවේ ඇද සිටි බවට සැලකෙන කමිසයක් නිවස පිටුපස පුළුස්සා දමා තිබියදී පොලීසිය සොයා ගත්තා. එම කමිසය සිය පියාගේ බවට ඔහුගේ දියණිය විසින් හඳුනා ගෙන තිබෙනවා. ඝාතකයාගේ නිවස ආසන්නයේ පිහිටි ළිඳේ ජලය ඉවත් කර එය තවදුරටත් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටයි පොලීසිය සූදානම් වනවා. විශේෂ කැමරාවක් ළිඳ තුලට යොමුකර හිස කොටස එහි තිබේදැයි පරීක්ෂා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09