බීමතින් ගිය කැබ්රථ රියදුරු ජිවිත 03ක් බිලිගනියි(ඡායාරූප)

වැල්ලවාය – තණමල්විල මාර්ගයේ නුුු⁣ගේයාය ප්‍රදේශයේදි ඊයේ (04) රාත්‍රි ත්‍ර්‍රී රෝද රථයක කැබ් රථයක් ගැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

මේ අනතුරෙන් කුඩා ළමයෙකු ද තුවාල ලබා වැල්ලවාය රෝහලට රෝහලට ඇතුළත් කෙරුණා.

කැබ් රථයේ රියදුරු එය ධාවනය කර තිබෙන්නේ බී මතින් බව පොලීසිය පවසනවා.

අධික වේගයෙන් ධාවනය වු කැබ් රථය විරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටී ඇති අතර අනතුරින් ත්‍රිරෝද රථයේ ගිය වැල්ලවායේ පදිංචි පොලිස් සැරයන්වරයෙකු, ඔහුගේ බිරිද හා පියා මියගියා.

බීමතින් සිටි කැබ් රථයේ රියදුරු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පසුව පොලිසියට භාරදෙනු ලැබුවා.

අනතුරින් පසුව කැබ් රථයේ ගිය තවත් කිහිපදෙනෙකු ප්‍රදේශයෙන් ඵලාගොස් ඇති බව පැවසෙනවා.

vlcsnap 2023 04 05 08h29m07s374
vlcsnap 2023 04 05 08h29m21s218
vlcsnap 2023 04 05 08h29m35s390
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !