AFC Banner
AFC Banner
Empty Ad

බීමතින් ආ සැමියාගේ මුඛයට රෙදි කැබැල්ලක් ඔබලා – සැමියා ජීවිතක්ෂයට

නොච්චියාගම, වල්පලගම ප්‍රදේශයේ නිවසක පවුල් ආරවුල සිදුවන බවට ඊයේ (07) රාත්‍රියේ නොච්චියාගම පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

එම තොරතුර මත එහි ගිය පොලිස් නිලධාරීන් නිවස තුළ පුද්ගලයෙකු සිහිසුන්ව වැටී සිටිය දී සොයාගෙන ඇති අතර, පසුව ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

රෝහල් ගත කළ එම පුද්ගලයා වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව ඔහු මියගොස් ඇති බවයි පවසා ඇත්තේ.

38 හැවිරිදි මෙම පුද්ගලයා බීමතින් පැමිණ බිරිඳ සමඟ ආරවුල් ඇතිකර ගන්නා අයෙක්වන අතර, එම අවස්ථාවන් වල අසල්වාසීන්ට ද බැණ වදින අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස කෑගැසීම වැළක්වීම සඳහා බිරිඳ විසින් රෙදි කැබැල්ලකින් ඔහුගේ මුඛය වැසීමට යාමේ දී එම පුද්ගලයා සිහිසුන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය නොච්චියාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ 42 හැවිරිදි බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?