බීමතින් ආ සැමියාගේ මුඛයට රෙදි කැබැල්ලක් ඔබලා – සැමියා ජීවිතක්ෂයට

නොච්චියාගම, වල්පලගම ප්‍රදේශයේ නිවසක පවුල් ආරවුල සිදුවන බවට ඊයේ (07) රාත්‍රියේ නොච්චියාගම පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

එම තොරතුර මත එහි ගිය පොලිස් නිලධාරීන් නිවස තුළ පුද්ගලයෙකු සිහිසුන්ව වැටී සිටිය දී සොයාගෙන ඇති අතර, පසුව ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

රෝහල් ගත කළ එම පුද්ගලයා වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව ඔහු මියගොස් ඇති බවයි පවසා ඇත්තේ.

38 හැවිරිදි මෙම පුද්ගලයා බීමතින් පැමිණ බිරිඳ සමඟ ආරවුල් ඇතිකර ගන්නා අයෙක්වන අතර, එම අවස්ථාවන් වල අසල්වාසීන්ට ද බැණ වදින අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස කෑගැසීම වැළක්වීම සඳහා බිරිඳ විසින් රෙදි කැබැල්ලකින් ඔහුගේ මුඛය වැසීමට යාමේ දී එම පුද්ගලයා සිහිසුන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය නොච්චියාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ 42 හැවිරිදි බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14