නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පුත්තලම ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව පුත්තලම, තිල්ලයාඩි ප්‍රදේශයේ අද දින (26) අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟිනුයි මෙම බීඩි කොළ තොගය සොයා ගැනුණේ.
මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන පැමිණ තිල්ලයාඩි වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ පාර්සල් 23ක අසුරන ලද බීඩි කොළ කිලෝ 792 ග්‍රැම් 800ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇතැයි සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1














