AFC Banner
AFC Banner
Empty Ad

බීඩිකොළ කිලෝග්‍රෑම් 226ක් නාවික හමුදා භාරයට (ඡායාරූප)

නීතිවිරෝධී ව මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 26ක් නාවික භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙම වැටලීම අද (17) දින කල්පිටිය – කුඩාව වෙරළ ප්‍රදේශයේ දී සිදු කළ බවයි.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගිනුයි මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවේ.

එම ප්‍රදේශයේ ළඳු කැළෑවක් තුළ සඟවා තිබූ සැක කටයුතු උර 07ක් නිරීක්‍ෂණය කර පරීක්ෂාවට ලක් කෙරුණු අවස්ථාවේදීයි මෙම බීඩිකොළ තොගය සොයා ගැනුණේ.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ රැගෙන යාමට නොහැකි ව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩිකොළ තොගය අතහැර දමා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පළ කරනවා.

WhatsApp Image 2024 07 17 at 16.25.54
WhatsApp Image 2024 07 17 at 16.25.53 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?