ශ්‍රී ලංකාව තුළදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේදී ආනයනය සීමා කිරීමට අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ තීරණය අනුව අර්තාපල්, බී ලුණු, මිරිස්, රතු ලුණු, උඳු, බඩඉරිඟු හා රටකජු යන බෝගවල බීජ ආනයනය සීමා කිරීමට සැළසුම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.
තව දුරටත් මීට සමගාමීව 2024 වන විට මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමටත් අල හා බී ලුණු ආනයනය 35% හා 30%කට සීමා කිරීමටත් කටයුතු කළ හැකි බව මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පෙන්වා දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3














