AFC Banner
AFC Banner
Empty Ad

බිළිඳෙකු දුම්රියේ දමා ගිය මව් පිය යුවළට ඇප

කුඩා බිළිඳෙකු දුම්රියේ දමා ගිය මව් පිය යුවළ ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම්දී ඇත්තේ ඇප ලැබීමෙන් පසුව අද දිනය තුළදී ම මෙම යුවළ විවාහ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි.

බණ්ඩාරවෙල පරිවාස නිලධාරී විසින් සිදුකළ ඉල්ලීමකට අනුව බිළිඳාගේ පෝෂණ අවශ්‍යතා සලකා බලමින් දරුවා නැවත එම මව්පියන් වෙත භාරදෙන ලෙසට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

පරිවාස නිලධාරීගේ දැඩි අධීක්ෂණය යටතේ එම දරුවා යුවළ වෙත භාරදෙන ලෙසට ද අධිකරණය නියෝග කළා.

බිළිඳාගේ පෝෂණ අවශ්‍යතා සහ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස සැකකාර මව්පිය යුවළගේ දෙමව්පියන් වෙත ද අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?