බිරිඳ හා දරු තිදෙනා සමඟ බස්රථ වලට නැග ජංගම දුරකථන සොරාගත් පුද්ගලයා අත්අඩංගුවට

බිරිඳ හා කුඩා දරු තිදෙනා සමග බස් රථ වල නැග මගි වෙස්ගෙන ගමන් කරමින් වටිනා ජංගම දුරකථන සහ මුදල් පසුම්බි සොරාගත් පුද්ගලයෙකු හොරෙයින් මත් කුඩු මිලිග්‍රෑම් 5200 ක් සමග අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පැවසීය

එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී එලෙස සොරා ගෙන තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා ජංගම දුරකථන විස්සකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

බස්රථ වලදී ජංගම දුරකථන නැතිවීම සම්බන්ධයෙන් තරුණ තරුණියන්ගෙන් සහ පාසල් සිසු දරු දැරියන් ගෙන් පසුගිය මාස හයක පමණ කාලය පුරා නිරන්තරයෙන් ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ගෙන සිටි පිලියන්දල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ් හෙට්ටිආරච්චි මහතා ඒ සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයකුගේ රුව ඇතුලත් සීසීටීවී දර්ශන අනුව ඊට සමාන හැඩරුව තිබෙන සැකකටයුතු පුද්ගලයකු පිලියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණි

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු බිරිඳ හා දරුවන් සමඟ පිලියන්දල ප්‍රදේශයට පැමිණිම සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් අනාවරණය කිරිමට අපොහොසත් වීම හේතුවෙන් දීර්ඝ ලෙස සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු බිරිඳ සහ කුඩා දරු තිදෙනා සමඟ ඉකුත් මාස හයක පමණ කාලය පුරා ගමන් ගන්නා බස් රථ වලට නැග ඉතා සූක්ෂම ලෙස පාසල් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ජංගම දුරකථන සොරා ගෙන තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

සැකකරු එලෙස සොරා ගෙන තිබූ වටිනා ජංගම දුරකථන ගල්කිස්ස බඩෝවිට සහ පිටකොටුව ආදී ප්‍රදේශ වලට ඉතා අඩු මුදලට විකුණා තිබියදී සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කළ තොරතුරු අනුව සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි

සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19