මතුරට ගලබඩ ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම පුද්ගලයා නිවස තුල ඝාතනය කර ඇති බවට ලැබුණු තොරතුරක් අනුවයි මතුරට පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇත්තේ.
මරණයට පත්වී ඇත්තේ ගලබඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහුගේ බිරිඳ ඊයේ (03) පොසොන් පොහොය හේතුවෙන් සිල් සමාදන් වීම සඳහා අසල පිහිටි විහාරස්ථානයක් වෙත ගොස් තිබූ අතරවාරයේදී මෙම ඝාතනය සිදුවී ඇතැයි සඳහන්.
එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මෙම මියගිය පුද්ගලයා පමණයි.
අදාළ නිවසේ දොර ජනෙල් විවෘතව තැබීම සම්බන්ධයෙන් අසල්වාසී පුද්ගලයෙකුට ඇති වූ සැකයක් මත මරණකරුගේ බිරිඳට ඒ බව දන්වා දෙදෙනාම ගොස් පරීක්ෂා කිරීමේදී මෙම මරණය දැක තිබෙනවා.
එම අවස්ථාවේ ඔහුගේ මුහුණ සහ අත් පා ගැට ගසා තිබී ඇති බවයි වාර්තා වන්නේ.
නිවසේ ඇති දේපළ සියල්ල ඇද දමා තිබී ඇති අතර දේපළ කොල්ලකෑමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මතුරට පොලිසියයි පරීක්ෂණ මෙහෙයවන්නේ.