බිරිඳ සිල් ගන්න ගිය අතරවාරයේ සැමියා ඝාතනය කරයි

මතුරට ගලබඩ ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම පුද්ගලයා නිවස තුල ඝාතනය කර ඇති බවට ලැබුණු තොරතුරක් අනුවයි මතුරට පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇත්තේ.

මරණයට පත්වී ඇත්තේ ගලබඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ බිරිඳ ඊයේ (03) පොසොන් පොහොය හේතුවෙන් සිල් සමාදන් වීම සඳහා අසල පිහිටි විහාරස්ථානයක් වෙත ගොස් තිබූ අතරවාරයේදී මෙම ඝාතනය සිදුවී ඇතැයි සඳහන්.

එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මෙම මියගිය පුද්ගලයා පමණයි.

අදාළ නිවසේ දොර ජනෙල් විවෘතව තැබීම සම්බන්ධයෙන් අසල්වාසී පුද්ගලයෙකුට ඇති වූ සැකයක් මත මරණකරුගේ බිරිඳට ඒ බව දන්වා දෙදෙනාම ගොස් පරීක්ෂා කිරීමේදී මෙම මරණය දැක තිබෙනවා.

එම අවස්ථාවේ ඔහුගේ මුහුණ සහ අත් පා ගැට ගසා තිබී ඇති බවයි වාර්තා වන්නේ.

නිවසේ ඇති දේපළ සියල්ල ඇද දමා තිබී ඇති අතර දේපළ කොල්ලකෑමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මතුරට පොලිසියයි පරීක්ෂණ මෙහෙයවන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48