බිරිඳ ව ඝාතනය කළ සැමියා වැල්ලම්පිටියේ දී අල්ලයි

බිරිඳව ඝාතනය කර නිවස පිටිපස වළ දැමූ ස්වාමි පුරුෂයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව් – නිරාවිපිට්ටි ප්‍රදේශයෙන් ඝාතකයා පලා ගොස් සිටියදියි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා විසින් 23 හැවිරිදි සිය බිරිඳ ව ඝාතනය කර නිවස පිටිපස කොටසක වළ දමා ඇති බවටත් පොලිසිය සොයාගත්තා.

මියගිය කාන්තාව පසුගිය 21 වැනිදා සිය මවට දූරකථනයෙන් කථා කොට ඇති අතර, දියණියගෙන් දින ගණනාවක සිට කිසිදු තොරතුරක් නොමැති බැවින් මියගිය කාන්තාවගේ මව 23 වැනිදා දියණිය රැඳී සිටි නිවසට ගොස් තිබෙනවා.

එහිදී දියණිය කුලි පදනම මත රැඳී සිටි නිවසේ කිසිවෙකුත් නොසිට බවයි පෙනී ගොස් ඇත්තේ.

දියණියගේ දූරකථනයෙන් ද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් මියගිය කාන්තාවගේ මව නිවස වටා
පරීක්ෂා කර තිබෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

දියණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ මව මුල්ලියාවෙලි පොලිසිය වෙත දැනුම්දී ඇත්තේ ඉන් පසුවයි.

ලද පැමිණිල්ල මත පුළුල් විමර්ශනයක් කළ මුල්ලියාවේලි පොලිසිය වැල්ලම්පිටිය ප්‍රදේශයේ
රැඳී සිටි මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව සැකකරු අදාළ කාන්තාව ඝාතනය කොට වළ දමා තිබු ස්ථානය හඳුනාගැනීමටත්, මෘත ශරීරය අධිකරණ නියෝග පරිදි ගොඩගැනීමටත් තීරණය කෙරුණේ ඉන්පසුවයි.

මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමු කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ප්‍රදේශවාසීන් පැවසුවේ මියගිය කාන්තාව හා ස්වාමිපුරුෂයා මීට වසර දෙකකට පමණ පෙර විවාහ වී ඇති අතර, කලෙක පටන් දෙදෙනා අතර යම් යම් ආරවුල් පැවති බවට ආරංචි පවතින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරනවා.

Mulathive 2
Mulathive 3
Mulathive 4
Mulathive 6 2
Mulathive 7 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
2
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?