බිරිඳ ඝාතනය කළ සැමියා ආයුධයත් සමඟ පොලිසියට ඇවිත්

අලුත්ගම පොලිස් වසමේ, කුරුඳුවත්ත, දර්ගා නගරය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද (11) උදෑසන කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 42ක තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

මේ අතර ඝාතනය සිදුකළ බව කියන සැකකාර සැමියා ලේ තැවරුණු තියුණු ආයුධයක් ද සමඟ අලුත්ගම පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 45 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදුකර ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අලුත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?