බිරිඳ ඉල්ලා නැන්දම්මා ඝාතනය කරලා

පොල්පිතිගම අලුත්වෑගෙදර ප්‍රදේශයේදී පුද්ගලයෙකු කළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

එම කාන්තාවගේ සැමියා ද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ අලුත්වෑගෙදර ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක්.

ඊයේ සවස මෙම ඝාතනය සිදු කර ඇත්තේ මෙම අඹුසැමි යුවළගේ බෑනා විසින් බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරු ඊයේ නිවසට පැමිණ තම බිරිඳ නිවසේ සිටින්නේ කොහේ ද යන්න මෙම මව් පිය යුවළගෙන් විමසා තිබෙනවා.

එහිදී මියගිය කාන්තාවගේ සැමියා සහ සැකකාර බෑනා අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර එය දුරදිග යාමෙන් පසු ඔවුන් දෙදෙනා අතර පොර බැදීමක් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ මෙම කාන්තාව ද එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී සැකකරු ඇයට පහරදී ගෙල පාදයෙන් පාගා සිරකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

තුවාල ලැබූ කාන්තාව සහ ඇයගේ සැමියා පොල්පිතිගම රෝහලට ඇතුලත් කිරීමේදී කාන්තාව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොල්පිතිගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පොල්පිතිගම පොලිසිය විමර්ශණ ආර්මභ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07