AFC Banner
AFC Banner
Empty Ad

බිරිඳගේ විදෙස් ගමන නතර කරන්න පුතාට වස පොවලා

පොලොන්නරුව බකමූණ සරුබිම ගම්මානයේ 48 වියැති පියකු විසින් තම දොළොස් හැවිරිදි පුතාට වස පෙවීමේ සිදුවීමක් වාර්තා වනවා.

දරුවා මේ වන විට පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි බකමූණ පොලිසිය ප්‍රකාශ කළේ.

පියා හා මව අතර ඇති වූ පවුල් ආරවුලක් නිසා කලක් ඔවුන් දෙදෙනා වෙන්ව ජීවත්ව ඇති අතර අද සවස පුතු තම පියා සොයා නිවසට ගිය විට වස පොවා ඇති බව සඳහන්.

බිරිඳ ගෙන්වා ගැනීමේ අරමුණින් පුතුට වස පොවන්නට ඇති බවටයි පරික්ෂණ සිදුකරන පොලිසිය පවසන්නේ.

සැකකාර පියා මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර පියා පුතුට වස පෙවීමේ ආරංචියත් සමග දරුවාගේ මව පියා ජීවත් වූ නිවසට පැමිණ තිබෙනවා.

වස පොවා සිටි දරුවා ද රෝහල් ගත කිරිමට මව පියවර ගෙන තිබෙනවා.

බිරිඳ විදේශ ගත වීමට සූදානමින් සිටීම හේතුවෙන් එය වළක්වා ගැනීමට වස පානය කරන ලෙසට පියා දරුවාට බලපෑම් කර ඇති බව ද දරුවාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී හෙළිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?