කාර් රථයක් යොදා ගනිමින් යතුරුපැදි දෙකක් යටකර එක් යතුරු පැදිකරුවෙකු කපාකොටා ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාරම්මල පොලිසියට හැකි විය. මෙම සිදුවීම සිදුව ඇත්තේ නාරම්මල පහමුණේ ප්‍රදේශයේ දීය.
ඝාතනයට ලක්වූ පුද්ගලයා තම බිරිඳගේ අසභ්‍ය ඡායාරූප එවමින් අපහාස කිරීම නිසා මෙලෙස ඝාතනය කිරිමට සිදු වු බවයි ඝාතනය සිදුකල පුද්ගලයා පාපොච්චාරණය කරමින් සඳහන් කර ඇත්තේ. මීට ඉහතදී කාර් රථයෙන් පැමිණි පුද්ගලයා සහ යතුරුපැදි වලින් පැමිණි පුද්ගලයන් කවදා හෝ හමුවන ලෙස අභීයෝග කරගෙන තිබී ඇති අතර රඹාවැව නාරම්මල මාර්ගයේ පහමුණේ ප්‍රදේශයේ දී එකිනෙකා හමුවීමත් සමග මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය සදහන් කලේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1