AFC Banner
AFC Banner
Empty Ad

බිරිඳගේ ගෙළ කපා ඝාතනය කළ සැමියා සියදිවි නසාගෙන (වීඩියෝ)

පවුල් ආරවුලක් මත සැමියා විසින් බිරිඳගේ ගෙළ කපා ඝාතනය කළ පුවතක් පූගොඩ, මණ්ඩාවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (23) රාත්‍රියේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ සොයාබැලීමේ දී සැමියා විසින් සිය බිරිඳගේ ගෙළ කපා නිවස තුළ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව පොලිසිය විසින් සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකිරීමේ දී ඔහු ද නිවස ආසන්නයේ පිහිටි ගසක ගෙළ වැළලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාව 46 හැවිරිදි වියේ පසුවූ අතර, සියදිවි නසාගත් සැමියා 54 හැවිරිදි වියේ පසුවූ තැනැත්තෙක්.

මොවුන් දෙදෙනා අතර කලක සිය ආරවුල් පැවති බවයි විමර්ශනවල දී අනාවරණය වී අත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
15
+1
0
+1
3
+1
37
+1
7
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?