බිරිඳක් පෙම්වතා සමඟ එක්ව සැමියා සහ දරු දෙදෙනා ඝාතනයට තැත් කරලා – උත්සාහයන් දෙකම අසාර්ථක වෙලා

අනියම් සම්බන්ධයක් පවත්වාගෙන කාන්තාවක් පෙම්වතා සමඟ එක්ව තම සැමියා සහ දරු දෙදෙනා දෙවරක් ඝාතනය කිරීමට තැත්කළ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සමඟ අයගේ පෙම්වතා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේ නයිනා ෂර්මා නැමැති මෙම කාන්තාව පෙම්වතා සමඟ එක්ව මුලින්ම සැමියාට සහ දරුවන්ට වස දීමට උත්සාහ කර ඇති බවයි.

එම උත්සාය ව්‍යාර්ථ වීමත් සමඟ සැමියා වන ගෝපාල් මිශ්‍රාට පිහියෙන් ඇනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

තම සැමියා සහ දරුවන් ඔවුන්ගේ සම්බන්ධතාවයට බාධාවක් වූ බැවින් ඔවුන් මරා දැමීමට මෙලෙස කුමන්ත්‍රණය කළ බවයි අත්අඩංගුවට ගැනුණු කාන්තාව සහ ඇයගේ පෙම්වතා ඊයේ දින පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ.

මෙම කුමන්ත්‍රණ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති සැමියා පවසා ඇත්තේ ජුනි 30 වන දින රාත්‍රියේ, ඔවුන් දෙදෙනා තමාට සහ අවරුදු හතරේ සහ එක හමාර යන වයස්වල පසුවන පුතුන් දෙදෙනාට කිරිවලට විෂ ද්‍රව්‍යයක් මිශ්‍ර කර ඝාතනය කිරීමට උත්සාහ කළ බවයි.

පළමු උත්සාහය අසාර්ථක වීමෙන් පසු, පෙරේදා (03) අලුයම් කාලයේ තම බිරිඳ සහ ඇයගේ පෙම්වතා විසින් තමා නිදා සිටියදී පිහියකින් පහර දී ඝාතනය කිරීමට උත්සාහ කළ බවයි ඔහු තවදුරටත් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී තම ජීවිතය අනූනවයෙන් බේරා ගැනීමට හැකිවූ බව ඔහු පොලිසිය පවසා තිබෙනවා.

සැමියා විසින් එලෙස සිදුකළ පැමිණිල්ල මත බහ්ජෝයි පොලිසිය සිකුරාදා සැකකාර බිරිඳ සහ ඇයගේ පෙම්වතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47