බිරිඳක් පෙම්වතා සමඟ එක්ව සැමියා සහ දරු දෙදෙනා ඝාතනයට තැත් කරලා – උත්සාහයන් දෙකම අසාර්ථක වෙලා

අනියම් සම්බන්ධයක් පවත්වාගෙන කාන්තාවක් පෙම්වතා සමඟ එක්ව තම සැමියා සහ දරු දෙදෙනා දෙවරක් ඝාතනය කිරීමට තැත්කළ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සමඟ අයගේ පෙම්වතා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේ නයිනා ෂර්මා නැමැති මෙම කාන්තාව පෙම්වතා සමඟ එක්ව මුලින්ම සැමියාට සහ දරුවන්ට වස දීමට උත්සාහ කර ඇති බවයි.

එම උත්සාය ව්‍යාර්ථ වීමත් සමඟ සැමියා වන ගෝපාල් මිශ්‍රාට පිහියෙන් ඇනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

තම සැමියා සහ දරුවන් ඔවුන්ගේ සම්බන්ධතාවයට බාධාවක් වූ බැවින් ඔවුන් මරා දැමීමට මෙලෙස කුමන්ත්‍රණය කළ බවයි අත්අඩංගුවට ගැනුණු කාන්තාව සහ ඇයගේ පෙම්වතා ඊයේ දින පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ.

මෙම කුමන්ත්‍රණ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති සැමියා පවසා ඇත්තේ ජුනි 30 වන දින රාත්‍රියේ, ඔවුන් දෙදෙනා තමාට සහ අවරුදු හතරේ සහ එක හමාර යන වයස්වල පසුවන පුතුන් දෙදෙනාට කිරිවලට විෂ ද්‍රව්‍යයක් මිශ්‍ර කර ඝාතනය කිරීමට උත්සාහ කළ බවයි.

පළමු උත්සාහය අසාර්ථක වීමෙන් පසු, පෙරේදා (03) අලුයම් කාලයේ තම බිරිඳ සහ ඇයගේ පෙම්වතා විසින් තමා නිදා සිටියදී පිහියකින් පහර දී ඝාතනය කිරීමට උත්සාහ කළ බවයි ඔහු තවදුරටත් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී තම ජීවිතය අනූනවයෙන් බේරා ගැනීමට හැකිවූ බව ඔහු පොලිසිය පවසා තිබෙනවා.

සැමියා විසින් එලෙස සිදුකළ පැමිණිල්ල මත බහ්ජෝයි පොලිසිය සිකුරාදා සැකකාර බිරිඳ සහ ඇයගේ පෙම්වතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟක් වටවෙලා ඇප ලැබුණු සී.බී.රත්නායකව සළුවක් දාලා පිළිගත් හැටි..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14
Video thumbnail
අත්හිටවූ ඖෂධයක් භාවිතා කරලා දෙදෙනෙකුගේ දිවි අහිමි වෙලා..?චමිල් විජේසිංහ සියල්ල හෙළිකරයි
08:38
Video thumbnail
ජනාධිපතිගේ පට්ටියේ ඉන්න හ#රකෙක් පිට පැනලා
06:22
Video thumbnail
ඔලොමොට්ටල ආණ්ඩුවේ තීන්දු නිසයි ජීවිත ටික අහිමි වුණේ
11:17
Video thumbnail
ඔයා සභාපති පුටුවට සුදුසු නෑ - වැඩි කාලයක් ඉන්නේ නෑ
02:58
Video thumbnail
Breaking News
02:16


?