බිරිදගේ මාරාන්තික පිහි පහර…

නවගමුව පොලිස් වසමට අයත් රණාල ප්‍රදේශයේ නිවසක සැමියා සහ බිරිඳ අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදුවූ පිහි පහරකින් සැමියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (07) සවස් කාලයේදී අදාළ සිදුවීම වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

සැමියා බීමතින් පැමිණ බිරිඳ සමග ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් සැමියා විසින් බිරිඳට පොල් ගෙඩියකින් හිසට පහරදී ඇත.ඉන් කෝපයට පත් බිරිඳ තම අතෙහි තිබූ පිහියෙන් සැමියාගේ ගෙල ප්‍රදේශයට පහරදීමක් සිදුකර ඇති බවට පොලීසිය පවසයි.අදාළ සිදුවීමෙන් දෙදෙනාම තුවාල ලබා සිටියදී අසල්වාසීන් විසින් නවගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

පසුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැමියා ජීවිතක්ෂයට පත්ව තිබේ.මියගොස් ඇත්තේ, 50 හැවිරිදි යාය 07, මොරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෙම යුවළ මාස 02කට පෙර මොරකැටිය ප්‍රදේශයට පිහිටි බෝඩිමට පැමිණ ඇති අතර, සැමියා සහ බිරිඳ ලෙස පෙනී සිටියත් මේ වන තෙක් නිත්‍යානුකූලව විවාහ වී නොමැති බවට පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?