බිම හෙළූ ඇමරිකානු ප්‍රහාරක යානයේ සිටි නියමුවන් අල්ලා දෙන පුද්ගලයින්ට තෑගි – ඉරානය නිවේදනය කරයි

ඉරානයට ඉහළින් පියාසර කළ ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානයක් වෙඩිතබා බිම හෙළා ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ (03) රාත්‍රියේ වාර්තා කළා.

පෙබරවාරි 28 වන දින යුද්ධය ආරම්භ වූ දා සිට ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානයක් අහිමි වූ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

නිව් යෝර්ක් ටයිම්ස් සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට අනුව, F-15E වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් මෙලෙස ඉරානය විසින් බිම හෙළා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

යානය වෙඩිතබා බිම හෙළන අවස්ථාවේ දී නියමුවා සහ තවත් සහායක හමුදා නිලධාරියෙක් එහි සිට තිබෙනවා.

මෙහිදී එක් අයෙකු දැනටමත් එක්සත් ජනපද විශේෂ බලකායන් විසින් බේරාගෙන ඇති නමුත්, දෙවන කාර්ය මණ්ඩල සාමාජිකයා සඳහා සෙවීම දිගටම මෙහෙයුම් සිදුකරනු ලබනවා.

මේ අතර ඉරාන රජයේ නාළිකාවන් නිවේදනය කළේ ජෙට් යානයේ සිටි ගුවන් නියමුවන් අල්ලා පොලිසියට හෝ හමුදාවන්ට භාරදෙන්නේ නම් සිවිල් වැසියන්ට ත්‍යාගයක් පිරිනමන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !