බිඳ වැටුණු ඉනිම සුපිරියටම ගොඩගත් පන්ජාබ්වරුන්ගෙන් දැනෙන ලකුණු පුවරුවක්

මුල්ලනාපූර් හි දී අද (08) පැවැත්වෙන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ දී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 219ක් ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පන්ජාබ්වරුන් පළමු ව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පැමිණි පන්ජාබ් මුල් පෙළ පිතිකරුවන්ට ආරම්භක පිතිකරු වු ප්‍රියනාෂ් ආර්‍යයට හැර සාර්ථක වන්නට හැකි වූයේ නැහැ.

නායක ශ්‍රියාර්ස් අයියර්ගේ පටන් පිතිකරුවන් පස්දෙනෙකු ම ලකුණු 10කට අඩුවෙන් දැවී යද්දී සිය අනගි පිතිහරඹයෙන් ඉනිම ඔසවා තැබූ ප්‍රියනාෂ් ආර්‍යය පන්දු 42ක දී ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වුණා.

ඊට හයේ පහර 09ක් සහ හතරේ පහර 07ක් ඇතුළත්.

ප්‍රියනාශ්ගේ දැවී යාමෙන් පසුව ශශංක් සමග එක් වූ මාර්කෝ ජැන්සන් ඉනිම ලකුණු 200 සීමාව අබිබවා යෑමට දැරූ ප්‍රයත්නය සාර්ථක වූ අතර ශශංක් නොදැවී ලකුණු 52ක් ලබාගත්තා.

මාර්කෝ ජැන්සන් නොදැවී ලකුණු 34යි.

කඩුලු බිඳ දැමීමේ දී කලීල් අහමඩ් සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 02ක බැගින් ද එක් කඩුල්ල බැගින් මුකේෂ් චෞද්‍රි හා නූර් අහමඩ් එක්ව බිඳ හෙලුවා.

ඒ අනුව ජයග්‍රහණයට චෙන්නායිවරුන්ට ලකුණු 220ක ඉලක්කයක් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?