බිඳ වැටුණු ඉනිමට ශක්තිමත් මුක්කුවක් වුණු මුෂ්ෆිකර්ගෙන් ප්‍රවේසම්කාරී ශතකයක්

බංග්ලාදේශ කණ්ඩායමේ බිඳ වැටුණු ඉනිම ප්‍රවේසම්කාරී ලෙසින් සිය නායකයා වන ෂැන්ටෝ සමග එක් ව ගොඩනගමින් සිටින ජ්‍යේෂ්ඨ පිතිකරු මුෂ්ෆිකර් රහීම් ද මීට ටික වේලාවකට (17) පෙර සුපිරි ටෙස්ට් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ගාල්ලේ දී ආරම්භ වූයේ බංග්ලාදේශයට කාසියේ වාසිය හිමිකර දෙමින්.

ඒ අනුව පිතිකරණය තෝරාගත් බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්ත්වයම ලකුණු 50ක් වන විට බිඳ වැටුණු පසුබිමක දී නායක ෂැන්ටෝ සමග එක් වූ රහීම් හැඩකාර සබඳතාවක් ගොඩනැගුවේ බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ විශිෂ්ටතම සබඳතාවට ද හිමිකම් කියමින්.

මුෂ්ෆිකර් අද ලබාගත්තේ සිය 12 වැනි ටෙස්ට් ශතකය යි.

ඊට හතරේ පහර 05ක් ඇතුළත්.

මේ වනවිට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 280ක් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?