බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැගීමට හැකි නම්; ක්‍රිකට් ද යළි හැදිය හැකියි – ජනපති (ඡායාරූප)

රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැගිය හැකි නම්; ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගා සිටුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ; මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

දේශපාලනයකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සිය අරමුණ බවයි ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතමින් සඳහන් කළේ.

රටේ ආර්ථික සහ දේශපාලන ගමන් මග වෙනස් කරන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළට සියලුදෙනාගෙන් සහාය අවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිවරයා කියා සිටියේ; තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවට තමන් විශ්වාස කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියා.

2024 රාජ්‍ය අය වැය පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් පුවත්පත් කතුවරුන් සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරු මීට එක් ව සිටියා.

Media Heads Meeting 1 scaled
Media Heads Meeting 2 scaled
Media Heads Meeting 3
Media Heads Meeting 4 scaled
Media Heads Meeting 5 scaled
Media Heads Meeting 6 scaled
Media Heads Meeting 7 scaled
Media Heads Meeting 8 scaled
Media Heads Meeting 9 scaled
Media Heads Meeting 10 scaled
Media Heads Meeting 11 scaled
Media Heads Meeting 12 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?