බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැගීමට හැකි නම්; ක්‍රිකට් ද යළි හැදිය හැකියි – ජනපති (ඡායාරූප)

රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැගිය හැකි නම්; ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගා සිටුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ; මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

දේශපාලනයකින් තොරව රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සිය අරමුණ බවයි ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතමින් සඳහන් කළේ.

රටේ ආර්ථික සහ දේශපාලන ගමන් මග වෙනස් කරන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළට සියලුදෙනාගෙන් සහාය අවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිවරයා කියා සිටියේ; තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවට තමන් විශ්වාස කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියා.

2024 රාජ්‍ය අය වැය පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් පුවත්පත් කතුවරුන් සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරු මීට එක් ව සිටියා.

Media Heads Meeting 1 scaled
Media Heads Meeting 2 scaled
Media Heads Meeting 3
Media Heads Meeting 4 scaled
Media Heads Meeting 5 scaled
Media Heads Meeting 6 scaled
Media Heads Meeting 7 scaled
Media Heads Meeting 8 scaled
Media Heads Meeting 9 scaled
Media Heads Meeting 10 scaled
Media Heads Meeting 11 scaled
Media Heads Meeting 12 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?