බිත්තර හිඟයට විසඳුමක්

කුකුළු පැටවුන් ලක්ෂයක් රට පුරා බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

වර්තමාණය වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බිත්තර සම්බන්ධ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලෙසයි මෙම පියවර ගෙන ඇත්තේ.

මෙම ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇති අතර වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් අනුව මෙය ක්‍රියාත්මකයි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙහි සමාරම්භක උත්සවය පැවැත්වූුණා.

එහිදී කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට කුකුළු පැටවුන් 2,300 ක් බෙදාදුන් අතර මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ඉදිරි මාස 4ක කාලය තුළ සමස්ත පාරිභෝගික ජනතාව වෙත ලැබෙනු ඇති බවයි ඔහු පැවසුවේ