AFC Banner
AFC Banner
Empty Ad

බෑණාව මැරූ මාමණ්ඩිය සිපිරිගෙට

මෝල් ගසකින් පහර දී තිදරු පියෙකු (44 හැවිරිදි) ඝාතනය කළ සැකකරු එළඹෙන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ බලංගොඩ – දහමාන ප්‍රදේශයේ දී අදාළ සිදුවීම සිදු ව ඇති බවත් ඒ පිළිබඳව නඩු විභාගය අද පැවැත්වුණු බවත් එහිදී මෙම තීන්දුව බලංගොඩ මහේස්ත්‍රාත් දිල්රැක්ෂි වික්‍රමසිංහ මෙනවිය විසින් සිදු කරන ලද බවයි.

බලංගොඩ – රත්මලවින්න, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඉකුත් 11 වැනිදා රාත්‍රියේ මොහු විසින් තම දියණියගේ සැමියා හට මෝල් ගසකින් පහර
දී නිවෙස තුළ දී ඝාතනය කර තිබුණා.

මෙම ඝාතනය සිදු කර ඇති සැකකරු මරණකරුගේ මාමා බවයි හෙළි ව ඇත්තේ.

මරණකරු සහ ඔහුගේ බිරිඳ සමග ඇති වු ආරවුලක් මෙම ඝාතනයට හේතුව බව හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?