බෑණාව මැරූ මාමණ්ඩිය සිපිරිගෙට

මෝල් ගසකින් පහර දී තිදරු පියෙකු (44 හැවිරිදි) ඝාතනය කළ සැකකරු එළඹෙන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ බලංගොඩ – දහමාන ප්‍රදේශයේ දී අදාළ සිදුවීම සිදු ව ඇති බවත් ඒ පිළිබඳව නඩු විභාගය අද පැවැත්වුණු බවත් එහිදී මෙම තීන්දුව බලංගොඩ මහේස්ත්‍රාත් දිල්රැක්ෂි වික්‍රමසිංහ මෙනවිය විසින් සිදු කරන ලද බවයි.

බලංගොඩ – රත්මලවින්න, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඉකුත් 11 වැනිදා රාත්‍රියේ මොහු විසින් තම දියණියගේ සැමියා හට මෝල් ගසකින් පහර
දී නිවෙස තුළ දී ඝාතනය කර තිබුණා.

මෙම ඝාතනය සිදු කර ඇති සැකකරු මරණකරුගේ මාමා බවයි හෙළි ව ඇත්තේ.

මරණකරු සහ ඔහුගේ බිරිඳ සමග ඇති වු ආරවුලක් මෙම ඝාතනයට හේතුව බව හෙළි ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32