බාලවයස්කාරිණියක් ක්‍රෑරත්වයට පත් කළ හිටපු කොමසාරිස්වරයෙකු හා පරිවාස නිලධාරිනියක් අත්අඩංගුවට

ළමා නිවාසයක වයස අවුරුදු 17ක දැරියක් ක්‍රෑරත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යේෂ්ඨ පරිවාස නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය මේ සම්බන්ධයෙන් වන නිවේදනයක් අද (27) පස්වරුවේ නිකුත් කරමින් සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි සැකකරුවෙක් සහ 57 හැවිරිදි සැකකාරියක් බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ ළමා නිවාසයක සිදුවන අයථා ක්‍රියාකාරකම් ගැන 2021 වර්ෂයේ ජනවාරි මස 08 වනදා මාධ්‍ය ඔස්සේ සිදුකළ අනාවරණයකට අනුව කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසයි මොවුන් ව අත්අඩංගුවට ගැනුණේ.

ඒ සම්බන්ධයෙන් 2021.01.16 වැනි දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ලද පැමිණිල්ලක් මත අනුරාධපුර පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එම පැමිණිල්ලට අනුව අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ළමා නිවාසයේ නේවාසික දැරියන්ගේ සහ උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරින්ගේ ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන සිදු කෙරුණා.

එහිදී අනාවරණය වූ තොරතුරු මත අධිකරණ නියෝග ප්‍රකාරව උපදේශන මධ්‍යස්ථානයක රඳවා සිටි වයස අවුරුදු 17ක දැරියක් ළමා නිවාසයක අරක්කැමි සේවයේ යොදවා ක්‍රෑරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට විරුද්ධව ගත හැකි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපතිගෙන් උපදෙස් ඉල්ලා තිබුණා.

ඒ අනුව ඉහත වයස අවුරුදු 17ක දැරියගේ භාරය දරා සිටිමින් ඇය නොසලකා හැරීමෙන් සහ හිංසා කිරීමෙන් ක්‍රෑරත්වයට පත් කිරීමේ වරදට සහ ළමා නිවාසයේ අරක්කැමි සේවයේ යොදවා ගැනීමේ වරදට උතුරු මැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යේෂ්ඨ පරිවාස නිලධාරිනියක අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව මගින් උපදෙස් ලබා දී තිබූ බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව අද දින මෙම සැකකරු හා සැකකාරිය අනුරාධපුර පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනුණා.

මෙම සැකකරුවන් වාරියපොළ සහ අනුරාධපුරයේ පදිංචිකරුවන්.

සැකකරු සහ සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත‍යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30