AFC Banner
AFC Banner
Empty Ad

බාර් එකට පැන්න හොරා පදමට මත් වී බාර් එක ඇතුළේම වැටිලා

මත්පැන් අලෙවිසැලක් බිඳ ඒ තුළ තිබූ මුදල් සහ මත්පැන් සොරකම් කිරීමට පැමිණි සොරෙක් මත වී මත්පැන් අලෙවිසැල තුළ වැටී සිටිය දී අල්ලා පොලිසියට භාර දුන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

තෙලන්ගානා ප්‍රාන්තයේ, මෙඩක් ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලකට පසුගිය ඉරිදා රාත්‍රී එහි වහලයේ උළු ගලවා මෙම සොරා ඇතුළු වී තිබෙනවා.

එලෙස මත්පැන් අලෙවිසැලට ඇතුළු වූ සොරා එහි සීසීටීවී කැමරා පද්ධතිය ද අක්‍රීය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව එහි තිබූ මුදල් සියල්ල එක්රැස්කර ගත් ඔහු මත්පැන් අලෙවිසැල තුළදීම මත්පැන් පානය කර ඇති බව සඳහන්.

එහිදී අධික ලෙස මත් වූ සොරා අලෙවිසැල තුළ වැටී සිටිය දී පසුදින උදෑසන මත්පැන් අලෙවිසැල විවෘත කළ එහි සේවකයින්ට හමු වී තිබෙනවා.

එලෙස හමුවන අවස්ථාව වනවිටත් ඔහු අධික මත් ගතියෙන් සිට ඇති අතර, ඔහුව පොලිසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව අත්අඩංගුවට ගැනුණු සැකකාර සොරා රෝහල් ගතකර ඇති අතර, පොලිසිය විසින් ඔහුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?