බ්‍රිතාන්‍යයේ 95 හැවිරිදි එලිසබෙත් රැජින රෝහල්ගත කරයි

ලොව වයස්ගතම හා වැඩිම කලක් පාලන බලයේ සිටින බ්‍රිතාන්‍යයේ 95 හැවිරිදි එලිසබෙත් රැජින උතුරු අයර්ලන්තයේ නිල සංචාරය අවලංගු කර තිබෙන බව විදේස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. ඒ ඇය රෝහල් ගත කිරීම හේතුවෙන්. වසර 10කට පසු රැජින එක රාත්‍රියක් රෝහල් ගත කිරීමත් විශේෂත්වයක් බවයි සඳහන් වන්නේ.

වසර 10යක් යනතුරු රැජින රෝහල් ගත කරමින් ප්‍රතිකාර කර නොමැති බවත් වැඩිදුරටත් සඳහන්. මුලික වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව රෝහලෙන් මාළිගය බලා ගොස් ඇති අතර රැජිනට ඇගේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විවේක ගන්නා ලෙස දැනුම් දුන් බවත් ඇගේ අසනීප තත්ත්වයට කොරෝනා හේතුවක් නොවන බවත් සඳහන් කර තිබෙනවා. ඒ වගේම ඇය මේ වෙද්දී සුවෙන් පසුවන බවත් ඇයගේ රාජකාරි කටයුතු විවේක ගන්නා අතරතුර සිදු කරන බවත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
63
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?