බ්ලූ මැන්ඩල් රවීගේ සූපවේදී ගෝලයෙක් හෙරොයින් සමඟ මාට්ටු

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන බ්ලූ මැන්ඩල් රවී සමඟ සමීප සබඳතා ඇති බව කියන පුද්ගලයෙක් ගම්පහ කොට්ඨාශ අපරාධ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ට ලද තොරතුරක් මත ගම්පහ, ඔරුතොට මාර්ගයේ කළු පාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 520 ක් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය අගෝස්තු මස 22 වන දින කොටහේන ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට මෙම සැකකරු විසින් යතුරුපැදි සපයා ඇති බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

වේයන්ගොඩ, එලුවාපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සැකකරු රෝයි යන අනුවර්තන නාමයෙන් හඳුන්වන සූපවේදීයෙක් බවයි වර්තා වන්නේ.

මිට අමතරව සැකකරු සන්තකයේ තිබූ තවත් යතුරුපැදි තුනක්, යතුරුපැදිවල ඉදිරිපස හා පසුපස අංක තහඩු හයක්, ව්‍යාජ ආදායම් බලපත්‍ර 03ක් සහ රක්ෂණ සහතික 03 පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අද (25) දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග යටතේ තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03


?