බ්ලූ මැන්ඩල් රවීගේ සූපවේදී ගෝලයෙක් හෙරොයින් සමඟ මාට්ටු

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන බ්ලූ මැන්ඩල් රවී සමඟ සමීප සබඳතා ඇති බව කියන පුද්ගලයෙක් ගම්පහ කොට්ඨාශ අපරාධ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ට ලද තොරතුරක් මත ගම්පහ, ඔරුතොට මාර්ගයේ කළු පාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 520 ක් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය අගෝස්තු මස 22 වන දින කොටහේන ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට මෙම සැකකරු විසින් යතුරුපැදි සපයා ඇති බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

වේයන්ගොඩ, එලුවාපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සැකකරු රෝයි යන අනුවර්තන නාමයෙන් හඳුන්වන සූපවේදීයෙක් බවයි වර්තා වන්නේ.

මිට අමතරව සැකකරු සන්තකයේ තිබූ තවත් යතුරුපැදි තුනක්, යතුරුපැදිවල ඉදිරිපස හා පසුපස අංක තහඩු හයක්, ව්‍යාජ ආදායම් බලපත්‍ර 03ක් සහ රක්ෂණ සහතික 03 පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අද (25) දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග යටතේ තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20