බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධ සාකච්ඡා සුබවාදී අදියරක

බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡාව වේගවත් වී තිබෙනවා.

නමුත් ගනුදෙනුව තහවුරු කර ගැනීම සඳහා සේවා සහ තීරුබදු සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය අවශ්‍ය බවයි සාකච්ඡාවලට සමීප බ්‍රිතාන්‍ය මූලාශ්‍රයක් රොයිටර්ස් පුවත් සේවය වෙත පවසා ඇත්තේ.

බ්‍රිතාන්‍යය පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ සාකච්ඡා ආරම්භ කළේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසු ස්වාධීන වෙළඳ රටක් ලෙස තම ස්ථානය ස්ථාපිත කිරීමේ අපේක්ෂාවෙන්.

ඒ ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියට ඉන්දු-පැසිෆික් නැඹුරුවක් අපේක්ෂා කර තිබීමේ පසුබිම තුළයි.

මෙම වසර මුලදී සාකච්ඡා ඇනහිට ඇති බවක් පෙනෙන්නට තිබුණද දෙපාර්ශ්වය ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතියක් ලබා ගැනීමට අරගල කරමින් සිටියා.

ඒ සාකච්ඡා ඇදී ගියහොත් තවදුරටත් දේශපාලන සංකූලතා ඇති විය හැකි බැවින්.

ලබන වසරේ දී දෙරටේම මැතිවරණ අපේක්ෂා කර තිබීම තවත් හේතුවක්.

කෙසේ වෙතත්, පසුගියදා පැවති එකොළොස්වන සාකච්ඡා වටය අවසන් වීමෙන් පසු ඒ සඳහා ඇති උනන්දුව වැඩි දියුණු වී ඇති බවයි පැවසෙන්නේ.

සේවා සහ තීරුබදු සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගැනීම තරඟයක් සේ නොසිතිය යුතු බව බ්‍රිතාන්‍යයේ මතය වී තිබෙනවා.

එය ඉදිරි වසර සහ දශකවලදී දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලබා දෙන අභිලාෂකාමී ගනුදෙනුවක් වෙනුවෙන් සිදුකරන සාකච්ඡාවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සාකච්ඡාවේ දේශපාලන සලකුණක් ලෙස, ඉන්දියාවේ වෙළඳ අමාත්‍ය පියුෂ් ගෝයල් සහ වාණිජ ලේකම් සුනිල් බර්ත්වාල් යන දෙදෙනාම සාකච්ඡා සඳහා ලන්ඩනයට ගොස් තිබුණා.

ඉන්දීය රජය පවසා ඇත්තේ සාකච්ඡා තීරණාත්මක අවධියක පවතින අතර එම වටයේදී අමාත්‍යවරුන් සම්බන්ධ වීම සාකච්ඡාවලට ඇති බාධා මඟහරවා ගැනීමට ඉවහල් වූ බවයි.

මීළඟ සාකච්ඡා වටය අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම බලාපොරොත්තුවෙන් පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?