බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධ සාකච්ඡා සුබවාදී අදියරක

බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡාව වේගවත් වී තිබෙනවා.

නමුත් ගනුදෙනුව තහවුරු කර ගැනීම සඳහා සේවා සහ තීරුබදු සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය අවශ්‍ය බවයි සාකච්ඡාවලට සමීප බ්‍රිතාන්‍ය මූලාශ්‍රයක් රොයිටර්ස් පුවත් සේවය වෙත පවසා ඇත්තේ.

බ්‍රිතාන්‍යය පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඉන්දියාව සමඟ නිදහස් වෙළඳ සාකච්ඡා ආරම්භ කළේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසු ස්වාධීන වෙළඳ රටක් ලෙස තම ස්ථානය ස්ථාපිත කිරීමේ අපේක්ෂාවෙන්.

ඒ ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියට ඉන්දු-පැසිෆික් නැඹුරුවක් අපේක්ෂා කර තිබීමේ පසුබිම තුළයි.

මෙම වසර මුලදී සාකච්ඡා ඇනහිට ඇති බවක් පෙනෙන්නට තිබුණද දෙපාර්ශ්වය ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතියක් ලබා ගැනීමට අරගල කරමින් සිටියා.

ඒ සාකච්ඡා ඇදී ගියහොත් තවදුරටත් දේශපාලන සංකූලතා ඇති විය හැකි බැවින්.

ලබන වසරේ දී දෙරටේම මැතිවරණ අපේක්ෂා කර තිබීම තවත් හේතුවක්.

කෙසේ වෙතත්, පසුගියදා පැවති එකොළොස්වන සාකච්ඡා වටය අවසන් වීමෙන් පසු ඒ සඳහා ඇති උනන්දුව වැඩි දියුණු වී ඇති බවයි පැවසෙන්නේ.

සේවා සහ තීරුබදු සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගැනීම තරඟයක් සේ නොසිතිය යුතු බව බ්‍රිතාන්‍යයේ මතය වී තිබෙනවා.

එය ඉදිරි වසර සහ දශකවලදී දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලබා දෙන අභිලාෂකාමී ගනුදෙනුවක් වෙනුවෙන් සිදුකරන සාකච්ඡාවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සාකච්ඡාවේ දේශපාලන සලකුණක් ලෙස, ඉන්දියාවේ වෙළඳ අමාත්‍ය පියුෂ් ගෝයල් සහ වාණිජ ලේකම් සුනිල් බර්ත්වාල් යන දෙදෙනාම සාකච්ඡා සඳහා ලන්ඩනයට ගොස් තිබුණා.

ඉන්දීය රජය පවසා ඇත්තේ සාකච්ඡා තීරණාත්මක අවධියක පවතින අතර එම වටයේදී අමාත්‍යවරුන් සම්බන්ධ වීම සාකච්ඡාවලට ඇති බාධා මඟහරවා ගැනීමට ඉවහල් වූ බවයි.

මීළඟ සාකච්ඡා වටය අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම බලාපොරොත්තුවෙන් පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29