බ්‍රහ්ම මෙහෙයුමෙන් මියන්මාරයට ටොන් 50ක මානුෂීය ආධාර

පසුගියදා මියන්මාරයට බලපෑ දරුණු ද්විත්ව භූ කම්පනයෙන් තවමත් පියවි තත්ත්වයට පත්වෙමින් සිටින මියන්මාර වැසියන්ට නැවතත් මානුෂීය ආධාර තොගයක් යැවීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම මානුෂීය ආධාර තොගය බ්‍රහ්ම මෙහෙයුම යටතේ ටොන් 50ක පාර්සලයක් ලෙස යවා ඇති බවයි.

මෙම පාර්සලයට කාර්‍යාල භාණ්ඩ රැසක් ඇතුළත්.

ඉන්දියානු ගුවන් හමුදාවේ C-17 ගුවන් යානා උපයෝගී කරගනිමින් කාර්යාල උපකරණ සැකසුම් 20ක් මියන්මාරයේ නේපිඩෝ වෙත ලබා දී තිබෙනවා.

මාර්තු 28 වන දින ඇති වූ විනාශකාරී භූමිකම්පාවට පළමු ප්‍රතිචාර දැක්වූ ඉන්දියාව වෛද්‍ය ආධාර, ආහාර, නවාතැන් සහ අත්‍යවශ්‍ය සැපයුම් ඇතුළු මෙට්‍රික් ටොන් 750කට අධික සහන ද්‍රව්‍ය මේ වනවිට සපයා අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?