spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය වටලයි

බ්‍රසීල හිටපු ජනාධිපති යාල් බොල්සනාරෝගේ ආධාරකරුවන් එරට ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය වටලා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රසීල ජාතික ධජය රැගත් විරෝධතාකරුවන් මෙලෙස පැමිණ ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයෙකු ද වන ලූලා ද සිල්වා යළිත් ජනපති ධුරයට පත්වීමත් සමගයි මෙම විරෝධතා ආරම්භ වී ඇත්තේ.

විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්කාරී තත්ත්වයක් ද මතුවී ඇති අතර මේවන විට 400කට වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මෙම විරෝධතා නව ජනපති ලූලා ද සිල්වා හෙළාදැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?