AFC Banner
Empty Ad
Empty Ad

බළලෙකු නිසා ගුවන් යානයකට සිදු වු දේ.

සුඩානයෙන් අපුරු පුවතක් වාර්තා වෙනවා ඒ මගී ගුවන් යානයකට ඇතුළු වූ බළලලෙකු එහි නියමුවාට පහර දීම හේතුවෙන් හදිසියේ ගුවන් යානය ගොඩබෑමට සිදුවීමේ පුවතක්.

සුඩානයේ කාර්ටෝම් ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ (Khartoum International Airport ) සිට කටාර් හී දෝහා වෙත පියාසර කිරීමට නියමිතව තිබූ ටාර්කෝ එයාර්ලයින්ස් ගුවන් යානයේ දී ( Tarco Airlines flight) මෙම සිදුවීම සිදුව ඇති බවයි.

ගුවන් නියමු කුටියට පිවිස ඇති මෙම බළලා කළබල වී නියමුවාට පහර දී ඇති බව යි. මේ හේතුවෙන්, යානය ගුවන් ගත වී පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළ දී නැවත හදිසියේ ගොඩබැස්ස වීමට සිදුව ඇති බව වාර්තා වෙයි. මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම බළලුන් ගුවන් යාන තුළ මෙලෙස කළබල ඇති කර ඇති බවයි. අදාල බළලා ගුවන් යානයට කූඩුවක දමා රැගෙන විත් තිබූ අතර, කූඩුවෙන් පැන නියමු කුටියට ඇතුළු වීම හේතුවෙන් සියලු මගීන් ගුවන් යානයෙන් ඉවත් කිරීමට සිදුව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?