බහරේනයේ මුහාරක්හි ඉන්ධන ටැංකිවලට ඉරානයෙන් ප්‍රහාර

බහරේනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉන්ධන ගබඩා සංකීර්ණයට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරයත් සමඟ අවට ප්‍රදේශයේ විශාල ගින්නක් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අසල මුහාරක් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට නිවසේ රැඳී සිටින ලෙසත්, ගින්න හේතුවෙන් නිවෙස් තුළ වාතාශ්‍ර විවරයන් වසා දමන ලෙසත් බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් උපදෙස් දී තිබුණා.

ඉරානය විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !