බස් රථයක් තුළ පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ කොණ්ඩය කපා දැමීමේ සිද්ධියක් වාර්තා වුණා. ඒ බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදේශයෙනි.
පසුව ඒ පිළිබඳව එක් සිසුවියක් සිය පියාට දැනුම්දීමෙන් පසු සැකකරු අල්ලාගැනීමට හැකිවී තිබු අතර සැකකරු ඌව පරණගම ප්‍රදේශයේ 33 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සැකකරු එලෙස සිසුවියන් සහ කාන්තාවන් රැසකගේ කොණ්ඩා කපා ඇති බවයි.
ඔහුගේ ගමන් මල්ලක තිබී එලෙස කපන ලද කොණ්ඩා සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
සැකකරු විවාහකයෙකු වන අතර පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ ආශාවට එලෙස කළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1