AFC Banner
Empty Ad
Empty Ad

බස් ගාස්තු අඩු කිරීමට තීරණයක්

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට අඩු කිරීමට රජය ගත් තීරණයත් සමඟ එම වාසිය මගී ජනතාවට ලබාදිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් පවසනවා.

ඒ, අනුව බස් ගාස්තුව 4%කින් අඩු කිරීමට තීන්දු කළ බවයි ලේකම්වරයා අද (01) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩු කිරීමට තීරණය කළ අතර, ඒ අනුව සුදු ඩීසල් ලීටරයක් රුපියල් 24කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් පහළ දැමුවා.

ඊට අමතරව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 21කින් පහත දැමූ අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිලේ සංශෝධනයක් සිදු වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?