බස් අනතුරෙන් පසු පලාගිය ටිපර් රථ රියදුරු සොයා විමර්ශන

පුද්ගලයින් 14 දෙනෙකුට දිවි අහිමි කරමින් ලු‍නුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් පසු, පලා ගිය බස් රථයට ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ රියදුරු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.අනතුරෙන් පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ලුනුගල – බදුල්ල මාර්ගයේ මෙවැනි මාර්ග අනතුරු සිදුවිය හැකි ස්ථාන කිහිපයක් පවතින බවයි වර්තාවන්නේ.

අනතුරට ලක්වූ බස් රථයේ හිමිකාරීත්වය දරන නිශාන්ත ජයවර්ධන ඔහු සඳහන් කළේ අද අනතුරට පත්වූ බස් රථය පැදවූ රියදුරා බිරිඳට අසනීප වීම හේතුවෙන් නිවාඩු ලබා සිට පැමිණ අද බස් රථය ධාවනය කර ඇති බවයි. කෙසේවෙතත් ඊයේ දිනයේදී ඔහු බස් රථයේ සේවය නොකළ ද බස් රථයේ ගමන් කර ඇතැයි ද හිමිකරු කියාසිටියා. මෙම රියදුරා ලුණුගල ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන එහි නතරවී බස් රථයේ සේවය කරන බවයි ඔහු සඳහන් කළේ.

බස් රථයේ සේවයට රියදුරන් තුන්දෙනෙකු සිටින අතර කොන්දොස්තරවරුන් දෙදෙනෙකු ද සිටින බව හිමිකරු ප්‍රකාශ කළා. අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරා සිද්ධියෙන් පසු පලා ගොස් තිබෙනවා. බස් රථ ප්‍රපාතයට පෙරලීමට පෙර මාර්ගයේ පටු ස්ථානයේ අදාළ ටිපර් රථය නවතාගෙන සිටින අයුරු සී.සී.ටී.වී දර්ශනවල සඳහන්.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ. මේ අතර මෙම මාරක බස් රථ අනතුරින් එහි රියදුරා මියගොස් නොමැති බවට මේවනවිට අනාවරණ වී තිබෙනවා. රියදුරා මේවන විට අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09