බස්රථ දෙකක් එකිනෙක ගැටී උතුවන්කන්දේ අනතුරක් (ඡායාරූප)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටී අද (25) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 40 දෙනෙක් පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වර්තා වන්නේ.

ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?