තුසිත හල්ලොලුවගේ නඩුව ජුනි 25 වැනිදා කැඳවීමට නියෝගයක්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුවගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබීමේ සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම හිටපු අධ්‍යක්ෂවරයා ඇතුලු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන ප්‍රගතිය ජුනි 25 වැනි දා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා අද (26) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් එලෙස නියෝග කරනු ලැබුවා.

සිද්ධියට අදාලව සැකකරු විසින් මකා දමා ඇති දුරකථන වාර්තා ලබා ගැනීමට මෙටා සමාගමෙන් ඉල්ලුම් කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන වර්තා මීළඟ නඩු දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙසද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

සිද්ධියට අදාල සැකකරු මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.

තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට නාරාහේන්පිට ප්‍රදේශයේදී පහරදීම සහ වෙඩි තැබමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාල නඩුවක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූවා.

තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වාහනයට වෙඩි තබා එහි තිබූ ලිපිගොනු පැහැර ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනයට සහය නොදැක්වීමේ චෝදනා මත නඩුව පවරා තිබුණා.

නඩුව වැඩිදුර වාර්තා සඳහා ලබන ජුනි මස 25 තෙක් කල් තැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29