බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (24) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි ලීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද දැනුම් දෙනවා.
එමෙන්ම ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද දිනයේ ඇතිවිය හැකියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1