බස්නාහිර පළාතේ පාසල් විභාගත් කල්යයි

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගය කල්දමා තිබෙනවා.

ඒ, අනුව හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විෂයන් ලබන 21 සහ 22 දින දක්වා කල්දැමීමට තීරණය කළ බව
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් සියලුම කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම්දී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව 09 වන ශ්‍රේණිවල ගණිතය, සිංහල සහ දෙමළ යන විෂයන් 21 වැනිදා දක්වා කල්දමා ඇති අතර, 10 සහ 11 ශ්‍රේණිවල දෙවැනි කාණ්ඩයේ විෂයන් මාර්තු මස 22 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති එකතුව හෙට (15) ක්‍රියාත්මක කිරීමට නියමිත එක්දින වැඩවර්ජනයට ගුරුවරු සහ විදුහල්පති සම්බන්ධ වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?